1918 වර්ෂයේ බුලන්කුලම ගම්මානයේ ආරම්භ වූ අප පාසලේ මුල් ගුරුතුමන් වූයේ සේනානායක මහතාය. පාසලේ මුල්ම ශිෂ්‍යයා ලෙස ඒ.එම්.උලුක්කුලම මහතා පාසලට බදවාගෙන ඇත.ගුරුවරු තිදෙනෙක් ද ළමුන් 100 පමණ ද ආරම්භයේදි සිටි බවත් 8 වැන්න දක්වා පංති පැවැත්වා ඇත. දිනෙන් දින පාසලෙ ළමුන් වැඩි වූ බැවින් පාසලට නව ගොඩනැගිලි ඉදිකර ඇත.1945 වර්ෂයේ දී වඩු කර්මාන්තය හා රෙදිවීවිමේ පුහුණුව සදහා විශේෂ ගොඩනැගිල්ලක් ඉදි කර ඇත.
1955 වර්ෂයේ මුරුතැන්නගේ මහතා විසින් පාසල් භූමියේ බෝදියක් රෝපනය කර ඇත.
| පාසලේ ආරම්භය | 1918 වර්ෂයේ |
| පාසලේ ආරම්භකළ ස්තානය | උලුක්කුලම ගමෙහි |
| පාසලේ මුල් ගුරුවරය | සේනානායක මහතා |
| මුල්ම ගුරුවරු ගණන | 03 |
| මුල්ම ශිෂ්‍ය සංඛ්‍යව | 60 |
| ගොඩනැගිලි ගණන | 01 |
| අ:පො:ස:(සා:පෙළ) පංති ආරම්භය | 1963 වර්ෂයේ |
| අ:පො:ස:(උ:පෙළ්) පංති ආරම්භය | 1966 වර්ෂයේ |
| මුල්ම ශිෂ්‍යගේ නම | ඒ.එම්.උලුක්කුලම මහතා |
| පැවැත්වූ පංති ගණන | 1-8 ශ්‍රේණිය දක්වා |
1930 වර්ශයේ වන විට ශිශ්‍ය සන්ඛ්‍යාව 150 ක් සහ ගුරු මණ්ඩලය 5 ක් දක්වා ද , 1940 වන විට ශිශ්‍ය සන්ඛ්‍යාව 200 ක් සහ ගුරුමනණ්ඩලේ 8 ක් දක්වා ද , 1950 වන විට ශිශ්‍ය සන්ඛ්‍යාව 250 සහ ගුරු මණ්ඩකලේ 10 ක් දක්වාද , 1960 වන විට ශිශ්‍ය සන්ඛ්‍යව 300 ක් සහ ගුරු මණ්ඩලේ 12 ක් දක්වාද වර්දනයක් වී ඇත .
1945 වර්ෂය වන විට මෙම පාසලට අනුබද්ද වඩු කාර්මික අන්ශයක් සහ රෙදි විවීමේ අන්ශයක් ආරම්බ කල අතර ඒ සදහාම විශේශ වූ නව ගොඩනැගිල්ලක්ඩ ඉදි කෙරිනි . පාසලේ ඉගෙනුම අවසන් කල සිසුන්ටද ගම් වැසියන්යද මෙම වඩු අන්ශයේ සහ රෙදි විවීමේ අන්ශයේ පුහුනුව ලබා දී ඇත . 1960 වන විට තවත් 80 X 20 ශාලාවක් ඉදිවූ අතර අ:පො:ස: (සා .පෙළ ) පන්තිද ආරම්බ විය . 1963 ප්‍රතම වරට සිසුන් 15 දෙනෙක් අ:පො:ස (සා:පෙළ) විබාගයට පෙනීසිට ඇත .
1928 වර්ෂයේ සිට 1968 වර්ෂය දක්වා පිළීවෙලින් සේනානායක මහත්මා . ප්‍රේමදාස මහත්මා . මුතුබන්ඩා මහත්මා . ගමගේ මහත්මා . රාජකරුණා මහතා . වීරසේකර මහත්මා . සරත් අදිකාරී මහතා . කන්නන්ගර මහත්මා සහ ජේ.ඊ.එම්.රනසින්හ මහතා මෙම මෙම විදුහලේ විදුහලේ විදුහල්පතිවරු ලෙස සේවයේ කර ඇත . 1968 ජනවාරි 18 දින වන විට විදුහල්පති ලෙස සේවය කළ ජේ.ඩී.එම්.රණසින්හ මහත්මා 1969.06.01 දින තෙක් සේවය කර ඇති අතර එදින සිට එන්.බී. තෙලේනිස් මහතාද 1970.07.01 දින සිට 1971.03.28 දින දක්වා වැඩබලන විදුහල්පති ලෙස පී සිරිසේන මහතාද කටයුතු කොට ඇත . 1971.03.21. දින සිට 1971.08.13. දින තෙක් ලොග් සටහනක් තබා නැත. මේ කාලයේ අප්‍රේල් කැරැල්ල හේතුවෙන් පාසල වසා තිබූ කාලයකි .





